[Enter Post Title
Here]
පෙම් සුවය සැදුව ළඳුනී
කිරි සුවඳ බදා සැනහී
සිරි යහන අතැර ගොසිනී
තනිකම ද දරනු නොහැකී......
මල් ළඳුන් සුවය සදතී
මල් උයන් සොයා ඇදුනී
රොන් සුවඳ සිඳුන බැවිනී
බිඟු ළඳුන් ම’හැර ගොසිනී.....
වල්මත් ව සැරූ සරිනී
මා අඳුර තුළම තනි වී
කටු යහන් එහිද මැවුනී
ගිනි වැදී සිතද දැවුනී.....
බිඳුන යහනට වී
නිදන තරු දුටිමී
තරු දෙනෙත සිඹිමී
මධු රසය විඳිමී
සරා සඳ ලදිමී
නොනිමි සුව දැනුනී......
-අශෝක
චන්ද්‍රසේකර-
අ
ReplyDelete