Thursday, December 22, 2016
මඟ දෙපස ජීවිත
= අශෝක චන්ද්‍රසේකර =ඇටිකුකුළා
Tuesday, December 20, 2016
වන්නියේ ඔසු තතු
වයඹ පළාතේ එක්තරා කොටසක් වන්නිය නමින් හැඳින්වෙයි. වියලි කළාපයට අයත් මෙම ප්‍රදේශයේ ස්වභාවික වන ලැහැබ් බහුල වේ. මේ වන ලැහැබ් තුළ දක්නට ලැබෙන ශාක වලින් බහුතරය විවිධ රෝගාබාධ සඳහා ඖෂධ වශයෙන් යොදා ගන්නා ආකාරය වන්නියේ පැරණි ජනතාවට අරුමයක් නොවේ. එහෙත් වර්ථමානය වන විට මෙම ඖෂධ භාවිතයෙන් දුරස් වෙමින් පවතී. එයට හේතුව එක සමාන පැලෑටි රැසක් අතරින් නියමිත ඖෂධය වෙන්කර හඳුනාගත නොහැකි වීමයි. පාරම්පරික අත් බෙහෙත් භාවිතය අඩු වීමට මෙම ගැටලුව දැඩි ලෙස බලපා ඇත. අදින් ඇරඹෙන මෙම ලිපි මාලාවේ අරමුණ වන්නියේ අත් බෙහෙත් වලට මෙන්ම විවිධ වෙදකම් සඳහා යොදාගත් විවිධ ඖෂධ නිවැරදිව හඳුනාගැනීමයි.
එළ වරා-
එළ වරා සහ වරා යනුවෙන් ශාක වර්ග දෙකක් දක්නට ලැබේ. එයින් එළ වරා මල අඳුරු සුදු පැහැයක් ගනී. වරා මල දම් පැහැයට හුරු වේ. එළ වරා ශාකය ප්‍රධාන වශයෙන් යොදා ගැනෙන්නේ සර්ප විෂ වෙදකම සඳහායි. එළ වරා ශාකයක් මිදුලේ සිටුවා ගැනීමෙන් නිවසට සර්පයින් නොපැමිණෙන බවට විශ්වාසයක් වන්නියේ ජනතාව තුළ පවතී. අහිගුණ්ඨික ජනතාව මෙම ශාකය භාවිත කරන බවට ද මතයක් ඇත. නයි නටවන පුද්ගලයින් දෂ්ඨයෙන් වැලකීම සඳහා එළ වරා ලී කාබැල්ලක් මිට මොලවාගෙන සිටින බව පැවසේ. එම ලී කැබැල්ල ආවාට ගියාට ලබා ගත් එකක් නොවේ. නියමිත කාල හෝරාවට අනුව උගුල්ලා ගත් එළවරා මුලකි. මෙය බස්නාහිර දෙසට ගමන්ගත් මුලක් වීමද වැදගත් වේ. සර්ප දෂ්ඨයක දී මෙම මුල් කැබැල්ල මිනිස් මුත්‍රා වලින් ගල ගා දෂ්ඨ මුඛයේ ගෑමෙන් වෛද්‍ය වරයෙකු වෙත යන තෙක් රෝගියා ගේ විෂ නැගීම පාලනය කරගත හැකි බව පැවසේ. එළ වරා ගසේ විවිධ කොටස් ලබාගෙන කොටා මිරිකා නස්න කිරීමෙන් සර්ප දෂ්ඨයෙන් මළවුන් ඉපැද්දිය හැකි බව පාරම්පරික පුස්කොළ ග්‍රන්ථවල සඳහන් වේ.
උපදෙස් - පාරම්පරික විෂ වෛද්‍යාචාර්ය එච් එම් උක්කුබණ්ඩා වෙද මහත්මා ගෙනි.

Subscribe to:
Posts (Atom)